උතුරේ ජනයාගේ ගැටලුවලට අගමැතිගෙන් කඩිනම් විසඳුමක් ඕනෑ


 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
අග්‍රාමාත්‍යවරයාගේ උතුරේ සංචාරයේදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.  

මේ සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විමසා සිටීමේදී මේ පිළිබඳ කරුණු අවබෝධකර දුන් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විශ්නේෂ්වරන් මහතා පැවසීය.  උතුරු ජනතාවගේ රැකියා ප්‍රශ්නය, නිවාස සහ ඉඩම්, මාර්ග සංවර්ධනය ඇතුළු කරුණු රැසක් පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බවද ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කළේය.  


ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගතවුවද තවමත් නිසි පරිදි උතුරේ ජනතාවගේ ගැටලු විසඳා නොමැති අතර අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී හෝ එම ගැටලු විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු පැවසීය.