උතුරේ ඉඩම් විදේශයට පවරනවාට පක්ෂ දහයක විරෝධය


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුරු හෝ නැගෙනහිර පළාත්වල ඉඩම් විදේශ රටකට ලබා දීම පිළිබඳ උතුරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ 10ක් විරෝධය පළකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.  

දේශපාලන පක්ෂ 10 නියෝජිතයන් මේ පිළිබඳ විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිඛිතව දැනුම් දීමට තීරණය කර ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.  


දෙමළ ජාතික සන්ධානය, ප්ලොට්, ටෙලෝ, පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානය, තමිල් මක්කල් කුට්ටනී, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය, ඊලාම් තමිලන් සියාච්චි කලහම්, දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ 10ක නියෝජිතයන් විසින් මෙම දූපත් චීනයට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකර ඇත.