උතුරේ අතුරුදහන්වූවන්​ෙග් ඥ‌ාතීහු ජාත්‍යන්තරයේ සහාය පතති


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

කිසිදු රජයකින් හෝ කිසිදු දේශපාලනඥයකුගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණ නිසා විදේශ රටවල අවධානය යොමු කිරීමට උතුරේ අතුරුදන් වූවන්ගේ ඥ‌ාතීහු තීරණය කරති.  

මේ සම්බන්ධව ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කර ජාත්‍යන්තර සහාය ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු යාපනයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක් බාර දී තිබේ.  
 වසර ගණනාවක් පුරා තම ඥ‌ාතීන්ගේ අතුරුදන් වීම පිළිබඳ විවිධ අංශ දැනුවත් කළ ද මෙතෙක් ඊට නිසි විසඳුම් ලැබී නැත.  


 මේ නිසා අතුරුදන් වූවන්ගේ ඥ‌ාතීන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එයට අද (18) වන විට දින 636ක් ගත වී තිබේ.  


මෙතරම් කාලයක් සත්‍යග්‍රහයේ යෙදී සිටි තමන්ට කිසිදු රජයකින් හෝ උතුරේ මෙන්ම දකුණේ දේශපාලනඥයන්ගේ අවධානයක් යොමුකොට තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැතැයි ඔවුහු පවසති.  


 ඒ නිසා ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට මෙම තීරණය ගත් බව එම ඥ‌ාතීහු සඳහන් කරති.  


 මේ අතර අතුරුදන් වූවන්ගේ ඥ‌ාතීන් විසින් මේ පිළිබඳ අවධානය යොමු කරවන ලෙස ඉල්ලා ඔවුහු යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණයක ද පසුගියද‌ා නිරත වූහ.