උතුරු මුහුදේ තහනම් කළ ධීවර කටයුතු ලිහිල් කරයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)   

කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමග උතුරු මුහුදේ තහනම් කර තිබූ ධීවර කටයුතු ලිහිල් කිරීම කෙරෙහි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ අවධානය යොමුවී තිබේ.   


මේ යටතේ උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කොන්දේසි සහිතව අවසර ලබාදීමට කටයුතු යොදා ඇත.   

උතුරු ප්‍රදේශයේ කොරෝනා වයිරසය ව්‍යාප්තිය යම් තරමකට පාලනය වී ඇති නිසා මෙම තහනම ලිහිල් කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා පැවැසීය.   


කෙසේ වෙතත් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට බලපත්‍ර නිකුත් කර ඇත්තේ කිමිදුම් ක්‍රම භාවිත කරමින් පමණි.