උතුරු නැගෙනහිර අවතැන් වූවන් ගැන කිසිම රජයකින් සාධාරණයක් නෑ


හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුරේ අවතැන් වූ ඥ‌ාතීන්ගේ උපවාසය ආරම්භ කර දැනට දින 1100 ක කාලයක් ගත වුවත් තවමත් කිසිදු රජයකින් විසඳුමක් මෙතෙක් ලබා දී නැතැයි චෝදනා කෙරේ.  

වත්මන් රජය මෙන්ම, පසුගිය රජය ද මොවුන්ට බොරු පොරොන්දු දී එම ඥ‌ාතීන් නොමග යැවූ බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.  
 මේ සම්බන්ධව රජයක් හැටියට මානව හිමිකම් කොමිසම ඉදිරියේ පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස ද සිවාජිලිංගම් මහතා අභියෝග කර සිටියි.  


 උතුරු - නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ නවතා දමා නැති අතර ඉදිරියටත් එම කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසීය.