උතුරු - නැගෙනහිර එකතුකර ස්වයං පාලනයක් ඕනෑ


මන්ත්‍රී විග්නේෂ්වරන් ඉල්ලයි  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට මධ්‍යම රජය විසින් පූර්ණ බලතල විමධ්‍ය ගත කොට ස්වයං පාලන ක්‍රමයක් ලබාදිය යුතු බව තමල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.  

ඇතුළත් කළ යුතු බවට නව ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ විද්වත් කමිටුවට ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.  
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට නව ප්‍රාන්තයක් වශයෙන් ස්ථාපනය කළ යුතු බවටද ඔහු යෝජනා කර ඇත.  


මහවැලි සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාස පිහිටුවීම සිදු නොවන ආකාරයෙන් ඉඩම් බලතල මුළුමනින්ම උතුරු - නැගෙනහිර පළාත් සභාවට ලබා දිය යුතු බවට ද යෝජනා කර තිබේ.  


මීට අමතරව පොලිස් බලතල ද පළාත් සභාවට ලබා දිය යුතු බවත් පළාත් සභාවේ කටයුතුවලට මධ්‍ය රජය කිසිදු ආකාරයේ මැදිහත්වීමක් සිදු නොවන ආකාරයෙන් ව්‍යවස්ථාව සම්පාදනය යුතු බවද විග්නේෂ්වරන් මහතා පෙන්වා දී තිබේ.  


උතුරු හා නැගෙනහිර දමිළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක සංකල්පයෙන් බැහැර වී ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් දේශපාලන විසඳුමක් නව ව්‍යවස්ථාව තුළින් අපේක්ෂා කරන බවද විග්නේෂ්වරන් මහතා විද්වත් කමිටුවට යෝජනා කර ඇත.