ඉරණවිල සංචාරක කලාපයකට අගමැතිගේ සැලසුමක් එයි


(දයාසීලි ලියනගේ)  
ඉරණවිල ඇමෙරිකන් හඬ ආයතනය පවත්වාගෙන ගිය ඉඩම ආශ්‍රිතව අක්කර 500ක ඉඩම සංචාරක කලාපයක් සඳහා යොදා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණයකර ඇත.   

කර්මාන්ත ආර්ථිකයත් සමඟ සංචාරක ආර්ථිකයත් දියුණු කිරීම මගින් රටට විශාල සංවර්ධනයක් ලබා ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ අරමුණවී ඇත.   


මීට අමතරව මාදම්පේ, බිංගිරිය හා කුලියාපිටිය ප්‍රදේශ සීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීමට තීරණය කර ඇති අග්‍රාමාත්‍යවරයා එම ප්‍රදේශවලට අලුත් ආර්ථිකයක් ලබාදීමට බලාපොරොත්තුවේ.