ඉන්ධන සහනාධාරයට ධීවර-මුදල් ඇමැතිවරු ගැටෙති


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
ධීවරයන් සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය වැඩිකරන ලෙස ඉල්ලා ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා කළ ඉල්ලීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විරෝධය පළ කර තිබේ.  

මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විජයමුනි අමාත්‍යවරයා කළ ඉල්ලීමට මංගල සමරවීර මහතා දැඩි ලෙස විරෝධය පළකර ඇත.  මේ නිසා අමාත්‍යවරුන් දෙදෙනා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව ආරංචි මාර්ග පැවසීය.  


මෙහිදී අමාත්‍ය විජිතමුනි සොයිසා මහතා අදහස් පළ කිරීමට සූදානම් වෙද්දී මංගල සමරවීර අමාත්‍යවරයා දිගින් දිගටම විරෝධය පළකර තිබේ.  


කොහෙවත් සිටි තමාට මෙම ධීවර අමාත්‍යංශය ලබාදී දැඩි අපහසුතාවකට පත්කළ බව අමාත්‍ය සොයිසා මහතා පැවසීය.