ඉදිරි වසර පහේ සංවර්ධන වැඩට වැලි-පස්-බොරළු හිඟයක්


(දයාසීලි ලියනගේ)  

ඉදිරි වසර පහ සඳහා රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය වැලි, පස් හා බොරළුවල බරපතළ හිඟයක් පවතින බව පරික්ෂණයකින් අනාවරණය වී ඇත.  

 රටේ සංවර්ධනයට ප්‍රමුඛතා ලබාදීමේ දී ස්වයං රැකියා, කුඩා හා පාරම්පරික වෘත්තීන්වල යෙදෙන අයගේ ජීවන අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොද‌ා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.  


පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබේ.