ඉදිරි මාස තුනට සල්ලි ඉල්ලන්න එපා


භාණ්ඩාගාර ලේකම් දැනුම් දෙයි

(දයාසීලි ලියනගේ)   

පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන්වී නැති යම් ආයතනයක් සඳහා අත්‍යවශ්‍ය වියදමක් ඇති වුවහොත් එවැනි වියදම් ද භාණ්ඩාගර​යේ පූර්ව අවසරය මත දැනටමත් වෙන්වී ඇති ප්‍රතිපාදන තුළින්ම කළමනාකරණය කර ගැනීමට විධිවිධාන සලසා ගතයුතු බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් උපදෙස් දෙනු ලැබ ඇත.   

එසේම රාජ්‍ය ආයතනවල වියදම් දැරීමේදී අරපිරිමැසුම්දායි හා නාස්තිය අවම වෙන අයුරින් කටයුතු කිරීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව අවධානය යොමු කළයුතු බවටද උපදෙස් දී ඇත.   


වර්ෂ 2020 සම්පූර්ණ වර්ෂය සඳහා වෙන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත.