ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීමෙන් ලක්ෂ හයහමාරක් අමාරුවේ


 

(දයාසීලි ලියනගේ) 

ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ කඩා වැටීමකට ලක්වීම නිසා ලක්ෂ හය හමාරක පිරිසකට රැකියා අහිමිවීමේ අවද‌ානමක් මතුව ඇතැයි වාර්තා වේ. 

 මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි නිශ්ශංක විජයරත්න මහතා ප්‍රකාශ කළේ ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක් පෙබරවාරි මාසයේ සිටම චීනයෙන් ගෙන්වීම නතර වී ඇති බවයි. 


 මීට අමතරව ඉදිකිරීම්කරුවන්ට රජයෙන් බිලියන 400 ක මුදලක් ලැබිය යුතුව ඇති අතර මෙම මුදලින් කොටසක්වත් නොලැබුණොත් මෙම සේවකයන්ට බෝනස් හා වැටුප් ලබාදීම බරපතළ ප්‍රශ්නයක් වෙන බව ද නිශ්ශංක විජයරත්න මහතා ප්‍රකාශ කළේය. 


කොරෝනා වසංගත තත්ත්වය තුරන් වුවත් චීනයෙන් අද‌ාළ භාණ්ඩ ගෙන්වීමට තවත් මාස 2 ක පමණ කාලයක් ගතවෙනු ඇතැයි ද විජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.