ඇමෙරිකාව ජී.එස්.පී. සහනය නවත්වයි


(දයාසීලි ලියනගේ)  
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 122 කට ඇමෙරිකාව දුන් වරණීය වෙළෙඳ තීරුබදු සහනය හෙවත් ජී.එස්.පී. අද (31) සිට නතර කිරීමට එරට ආණ්ඩුව තීරණය කර තිබේ.


වරණීය වෙළෙඳ තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් ජී.එස්.පී. යටතේ ඇමෙරිකාවට භාණ්ඩ හා සේවා අපනයනය කිරීමට එම රටවල්වලට අවස්ථාව හිමි වී තිබිණි.


ඒ අනුව ලබන හෙට (01) සිට ඇමෙරිකා එක්සත් ජනපදයට භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට ද එරට තීරුබදුවලට යටත් විය යුතුය.


වර්ෂ 2016 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක වටිනාකම ඇති භාණ්ඩ ඇ​ෙමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ලබාගෙන ඇත.  

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගැණුම්කරුද වෙයි.  ඇමෙරිකාවට භාණ්ඩ ගෙන්වන රටවල් අතරින් ශ්‍රී ලංකාවට 62 වැනි ස්ථානය හිමිවී ඇත.  


නිමි ඇඳුම්, රබර්, කෝපි, තේ, කුළුබඩු, කෘෂි නිෂ්පාදන, ලෝහ වර්ග, ශාක තෙල් වර්ග ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් මිලදී ගනී.