ඇමැතිකමක් ඕනෑ - නොලැබුණත් එජාපය දාල යන්නෙ නෑ


 මන්ත්‍රී පියසේන ගමගේ

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීම සඳහා කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍ය කළ ද එය නොලැබී යාම නිසා එක්සත් ජාතික පක්ෂය, කිසිවිටකත් අතහැර නොයන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.  

නමුත් ආණ්ඩුවට යුතුකමක් ලෙස තමන්ට කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමට තිබුණ ද එසේ නොලැබීම නිසා කිසිදු අවස්ථාවක සිත් තැවුලට පත්නොවන බවද ඔහු සඳහන් කළේය.   


පසුගියදා රටේ සිදුවූ දේශපාලන අර්බුදය යම්තාක් දුරකට විසඳී ඇති අතර එහෙත් එය සම්පූර්ණ වශයෙන් නිමවී නැතැයි ද ඒ මහතා කීය.  


මේ නිසා දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින අවුල තවමත් නිමවී නැතත් මෙම තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.  


මෙම අවුල් සහගත තත්ත්වය නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධ වූවාසේම එය විසඳීම සඳහා ද ඔවුන්ම ඉදිරිපත් විය යුතු බවද පියසේන ගමගේ මහතා සඳහන් කළේය.