ඇමැති රිෂාද් ඉන්න ගොඩනැගිල්ලේ අබිරහස් කාමර ?


(දයාසීලි ලියනගේ)  

ඇමැති රිෂාඩ් බදියුදින් මහතා සතොස මූලස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන කාර්යාලයේ බොහොමයක් කාමර පිළිබඳව බරපතළ සැකයක් පවතින නිසා දැඩි 
අනාරක්ෂිත බවක් ඇති බව සතොස සේවක එකමුතුව සඳහන් කරයි.  

මෙම ගොඩනැගිල්ලේ මහල් දෙකක කාමර ගණනාවක් වසා දමා තිබෙන අතර බාහිර කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවසරයක් නොමැති බව එම සේවක එකමුතුවේ සභාපති චන්දන පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.  


කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කාර්යාලයක් පවත්වාගෙන යන ඇමැතිවරයා ඊට අමතරව සතොස ගොඩනැගිල්​ලේද කාර්යාල පවත්වාගෙන යන බව පුෂ්පකුමාර මහතා කීය.