ඇමැති මණ්ඩල වෙනසින් මට ලැබුණේ උසස්වීමක් කිරිඇල්ල කියයි


(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමග දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට මාතෘකාවක්වූ ඇමැති මණ්‍ඩල සංශෝධනය ක්‍රියාවට නැංවී ඇති බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා ලංකාදීපයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ඒ අනුව කිරිඇල්ල මහතා මෙතෙක් දැරූ මහා මාර්ග අමාත්‍ය ධූරය වෙනුවට රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලෙස තනතුරු වෙනස් වී ඇත. රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධුරය මෙතෙක් උසලනු ලැබුවේ එජාප මහලේකම් කබීර් හෂීම් මහතාය.


සිය අමාත්‍යාංශ වෙනස ගැන සඳහන් කරන ලක්ෂ්‍මන් කිරිඅැල්ල මහතා ඉරිදා ලංකාදීපය සමග ප්‍රකාශ කළේ එම පදවි මාරුව උසස් වීමක් ලෙස තමා සලකන බවය. අප පත්‍රය මුද්‍රණයට යන අවස්ථාවේ සෙසු ඇමැතිධුර මාරු පිළිබඳ තොරතුරු ලැබී නොතිබිණි.