ඇමැති ධුර යළි ගැනීමේ තීන්දුව මහනාහිමිවරුන්ගේ සාකච්ඡාවෙන් පසු


හිටපු ඇමැති රවුෆ් හකීම්

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

මහානායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක සාකච්ඡා කිරීමෙන් පසු යළි ඇමැති තනතුරු බාරගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.  

ලබන සතියේ ඉදිරි දින දෙක තුන තුළ මහානායක හිමිවරුන් බොහෝ දුරට මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඉන්පසු මුස්ලිම් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවද හකීම් මහතා පැවැසීය. සිය ධුරවලින් ඉල්ලා අස්වූ සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් දිනපතා රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කරන බවද හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඉදිරියේදී තමන් කටයුතු කරන ආකාරය පිළිබඳව මහනාහිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කර දීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.  
‘අපි කල්ලි ගසා ඒකරාශි වීම තුළ එක් පැත්තකට එකතුවීමක් ඉන් කිසිසේත් අදහස් කරන්නෙ නෑ. රටට කිසි අයුරකින් හානියක් වෙන්නත් කිසිසේත්ම ඉඩ තබන්නේ නෑ. මේක රට ජාතිය වෙනුවෙන් ගත් තීරණයක් යැයිද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවැසීය.