ඇමැති උපදෙස් නොතකන ගණකාධිකාරීවරුන් ගැන චෝදනා


(උපුල් වික්‍රමසිංහ) 
තම උපදෙස් නොතකමින් අමාත්‍යාංශ ගණකාධිකාරිවරුන් කටයුතු කරමින් සිටින බවට අමාත්‍යවරුන් කීප දෙනෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 

 මේ හේතුවෙන් සිය අමාත්‍යාංශවල පරිපාලන කටයුතු විෂයෙහි ගැටලු මතු වී ඇති බවට එම ඇමැතිවරුන් කළ පැමිණිලිවල සඳහන් වන්නේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මදුද්මබණ්ඩාර මහතා ‘ඉරිදා ලංකාදිප’ යට කීය. 


 චෝදනා එල්ල වී ඇති අදාළ අමාත්‍යාංශ ගණකාධිකාරිවරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර මෙම ගැටලුව විසදීමට ඉදිරියේදී පියවර ගන්නා බවද මද්දුමබණ්ඩාර මහතා පැවසීය.