ඇඳිරි නීතිය කැඩූ අයට නීතිය තදින්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ඇඳිරි නීතිය සහ නිරෝධායන කටයුතු උල්ලංඝණය කරන පුද්ගලයන්ට ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.  

බොහෝ දෙනකු මෙම තත්ත්වය සැහැල්ලුවට ලක්කරමින් ක්‍රියා කරන අතර, ඔවුන් කිසිදු වගකීමක් රහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබේ. ඇඳිරි නීතිය හා නිරෝධායන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් මහ මග ගමන් කරන පුද්ගලයන් අනිවාර්යයෙන් අධිකරණයට ඉදිරිපත් කොට ඔවුනට උපරිම දඬුවම් ලබාදීමට ද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට පත් කිසිඳු වාහනයක් අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව නිදහස් නොකරන ලෙස ද සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.