ආහාර තොග වෙ​ෙළඳ සේවකයන්ටත් කොරෝනා එන්නත ඉල්ලයි


(උපුල් වික්‍රමසිංහ)   

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ දෙදහස් පන්සියයක් පමණ සේවකයන් හට මෙතෙක් කොවිඩ් 19 එන්නත් ලබා දී නොමැති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.   

එම සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ නාටාමිවරුන් කරත්තකරුවන් අහාර ද්‍රව්‍ය ගබඩාවල සේවය කරන පිරිස් මේ ආදී වශයෙන් දෙදහස් පන්සියයකට වැඩි සේවක පිරිසක් මේ කේෂත්‍රයේ සේවය කරන බවත් ඔවුන්ට කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දිය යුතු බවත්ය.   


සේවකයන් වැඩි පිරිසක් කොළඹින් පිට පළාත්වල පදිංචිකරුවන් වන නිසා යම් හෙයකින් ඔවුන් අතරින් කොවිඩ් ආසාදිත පොකුරක් හමු වුවහොත් ඔවුන්ගෙන් තවත් බොහෝ පිරිසකට වයිරසය ආසාදනයවීමේ අනතුරක් ඇති බව කී ඒ මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමේ ක්‍රියාවලියට එයින් අඩපණ විය හැකි බවද පැවසීය.