ආසන සංවිධායකවරුන්ට අගමැතිගෙන් උපදෙස් මාලාවක්


(දයාසීලි ලියනගේ) 

ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වූ කරුණු ගැන අවධානය යොමු කරමින් පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරුනට උපදෙස් දී ඇත. 

රටේ සියලුම ජනතාවට එකම කරුණ මූලික නොවන බැවින් ඒ ඒ ප්‍රදේශවලට ආවේනික කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසට අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. 


තමන් නියෝජනය කරනු ලබන කෝට්ටේ වෙසෙන ජනතාවට අවශ්‍ය කරුණු ඈත එපිට ගම්මානයක ජනතාවට වැදගත් නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 
ඒ තත්ත්වය ගැන අවධානය යොමුකර ප්‍රදේශයට ආවේනික ප්‍රශ්න, අවශ්‍යතා විසඳන ආකාරයට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.