ආයෝජන මණ්ඩලයට අලුතෙන් නිලධාරීන් බඳවා ගනියි


පඩි නඩි වියදම කෝටිය පනියි

(දයාසීලි ලියනගේ)   

ආයෝජන මණ්ඩලය සඳහා අලුතෙන් නිලධාරීන් 29 දෙනෙක් බඳවා ගැනීමට යයි. මෙම නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වශයෙන් රුපියල් 1,6,266.000ක් වැය කිරීමට නියමිතව ඇත.

ආයෝජන මණ්ඩලයට ඉකුත් වසරක කාලය තුළ කිසිදු ආයෝජනයක් ලැබී නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට රජයේ අනුමැතිය ලබාදී ඇති බවද වාර්තාවේ.