ආනයන සීමා කිරීමෙන් ව්‍යාපාරිකයන් විසි එක්දාහක් අමාරුවේ


(දයාසීලි ලියනගේ)   

ආනයන සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා ආනයනකරුවන් 21064 ක පිරිසක් හා වාප්පු නියෝජිත ආයතන 4500 ක පමණ ප්‍රමාණයක් දැඩි අසීරුතාවට පත්වී සිටින බව වාර්තා වේ.   

ප්ලාස්ටික් භාණ්ඩ, ක්‍රීඩා උපකරණ, වාහන ඇතුළු අතිවිශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීම රජය මගින් තාවකාලිකව අත්හිටුවා ඇත.   


මේ හේතුව නිසා අදාළ භාණ්ඩ අානයනය හා සම්බන්ධ ඍජු හා වක්‍ර රැකියාවල යෙදී සිටින ලක්ෂ 10 කට අධික පිරිසක් අසීරුවට පත්වී සිටින බව වාර්තා වේ.   


​මේ තත්ත්වය පිළිබඳව කළ විමසීමේදී රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ රුපියලේ අගය පාලනය කිරීම සඳහා ආනයන සීමා කර ඇති බවත් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවත්ය. මේ වෙන විට ආනයනකරුවන්ගේ සංගමය මගින් ආනයනය සීමා කිරීමේ තීරණය ලිහිල් කරන ලෙසට ඉල්ලා තිබෙන බව ද ඔහු කීය.