ආනයන බදු අඩු කිරීමෙන් පසු පිටකොටුවේ සීනි පිරිලා


(මහින්ද නිශ්ශංක)   

පිටකොටුව තොග වෙළෙඳ පොළේ සීනි අතිරික්තයක් තිබෙන බව ආනයනකරුවෝ සහ තොග වෙළෙන්දෝ පවසති.   දැනට මාස තුනකට ප්‍රමාණවත් සීනි තොග පවතින බැවින් සීනි ආනයනය අවම වශයෙන් මාස 3 කටවත් තහනම් කරන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය ආනයන අපනයන පාලකවරයාගෙන් ඉල්ලා සිටී.   

 එම තත්ත්වය තුළ ඉකුත් වසරේ අපනයනය සහ ආනයනය අතර හිඟය ඇමෙරිකානු ඩොලර් කෝටි 400 ක් පමණ වෙන බව ද මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. 

 
එසේ වුවද ගිය වසරේ දී විදේශ ණය හා පොලී ගෙවීම් යටතේ ඇමෙරිකානු ඩොලර් කෝටි 4300 ක් ගෙවා ඇති බව ද මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ.   


 මේ වසරේ මැද භාගය පමණ වෙන විට සංචාරක කර්මාන්තයේ නැගීමත්, විදේශ ප්‍රේෂණවල ගලා ඒම යථා තත්ත්වයට පත්වීමත් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.   


විදේශ අංශය මත ඇති වෙන පීඩනය එතෙක් මේ ආකාරයෙන්ම පවතිනු ඇතැයි මුදල් අමාත්‍යාංශය උපකල්පනය කරයි.