ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රී 2ක් ස්වාධීනවීමේ තීරණයක


 

(දයාසීලි ලියනගේ)   
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ‘‘ඉරිදා ලංකාදීප’’යට වාර්තා වේ.

තම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිවීම, රජයේ බලධාරීන් විසින් නොසලකා හැරීම, තමන්ට ඇහුම්කන් නොදීම ආදී කරුණු මුල් කරගෙන දැඩි කලකිරීමට පත්වී සිටින මෙම මන්ත්‍රීවරු දෙදෙනා ස්වාධීනව කටයුතු කිරීමට යයි. මීට අමතරව රජයට සම්බන්ධ පසුපෙළ මන්ත්‍රීවරු 20ක පමණ පිරිසක් දැනටත් ආණ්ඩු පක්‍ෂ රැස්වීම් හා සාකච්ඡා වර්ජනය කර ඇති බව ද දැනගන්නට ඇත.   


තම ප්‍රදේශවල ප්‍රශ්නවලට විසඳුමක් ලබා නොදීම හා තමන්ට නායකත්වය ඇහුම්කන් නොදීම ගැන කළකිරීමෙන් සිටින මෙම මන්ත්‍රීවරු දැනට නිහඬව සිටීමට තීරණය කර ඇතැයි ද පැවසේ.