ආණ්ඩුවේ බදු මුදල් සංශෝධනය නීත්‍යානුකූල නෑ -මන්ත්‍රී සුමන්තිරන්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

වත්මන් ආණ්ඩුව බදු මුදල් සංශෝධනය කිරීම නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තුවේ මුදල් තේරීම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.  

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එම බදු මුදල් සංශෝදනය කර ඇති අතර පහුගිය ආණ්‍ඩුව ද මේ ආකාරයෙන් ක්‍රියාකිරීම නිසා ඊට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නියෝගයක් ලබාගෙන ඇතැයි ද ඒ මහතා කීවේය.  


වත්මන් ආණ්ඩුව ද එම ක්‍රියාවලියේම නිරතවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.  


මේ පිළිබඳ මුදල් තේරීම් කාරක සභාව හරහා රටට හෙළි දරව් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.  


මූල්‍යමය බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් විධායකයට ඒ සඳහා බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.