ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා


(අජන්ත කුමාර අගලකඩ)   

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ නායකයෝ අනිද්දා (4) රැස්වෙති.

මෙම පක්ෂ නායක රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා සවස 6.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.   


පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය නිරාකරණය කර ගැනීමට ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 දා පැවැත්වූ නමුත් ඊට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකට ආරාධනා කර ඇති බව පවසමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ජී. වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් එම රැස්වීම වර්ජනය කළහ. අනිද්දා පැවැත්වෙන රැස්වීමට ඔවුහු සහභාගි වෙති.