ආණ්ඩු පෙරළියට විපක්ෂය පෙළගැසුණු හැටි


(අජන්ත කුමාර අගලකඩ)  

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීමෙන් අනතුරුව දින 100 ආණ්ඩුවක් පිහිටුවීය.  


2015 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 106ක් දිනාගනිමින් ජයග්‍රහණය කළ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 96ක් හිමි විය.  


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද 2015 අගෝස්තු මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. අනතුරුව එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවූ අතර, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරු පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළහ.  

 

ජාතික ආණ්ඩුවේ අැමැතිවරුන් 43ක් පත්ව සිටි අතර, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ජාතික ආණ්ඩුව අවසන් විය.  


සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද අහෝසි වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.  


මේ අතර නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය අද හෙටම දිවුරුම් දීමට නියමිතය.