අස්ථිර රජයේ සේවකයන් ස්ථිර කරන්න ආණ්ඩුවේ පසු පෙළින් යෝජනාවක්


(දයාසීලි ලියනගේ)   

රාජ්‍ය ආයතනවල දිනපතා වැටුපට සේවය කරනු ලබන සේවකයන් ස්ථිර සේවයට පත් කරන ලෙස රජයේ පසුපෙළ මන්ත්‍රීවරු රජයෙන් ඉල්ලා ඇත.   

රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩ පිළිවෙළට සමගාමීව රාජ්‍ය ආයතනවල වසර ගණනාවක් තිස්සේ දිනපතා වැටුපට සේවය කරන පුද්ගලයන් ස්ථිර සේවයට පත් කරන ලෙස රජයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා කීය. 

 
රැකියා ලක්ෂය ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ ඔවුන් රාජ්‍ය ආයතනවලට පත් කිරීමේදී දිනපතා වැටුපට රාජ්‍ය ආයතනවල සේවයකරන අයට අසාධාරණයක් නොවීම සඳහා ඔවුන් ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙසට ඉල්ලා සිටි බවද සම්පත් අතුකෝරළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.