අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න


(දයාසීලි ලියනගේ) 
විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාව පැමිණියා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කීය. 


සුහදව කතා බහ කර ප්‍රශ්න තේරුම් ගෙන එකතු වීමට තිබූ අවස්ථාව මග හැරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවක් බවද ඒ මහතා කීය. කොන්දේසි පිළිබඳව මෙම සාකච්ඡාවේදී යම් එකඟතාවයකට එළඹීමට හැකියාව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.