අවසන් රැලි 13 දා


සජිත්ගේ මරද‌ානේ දී 

(දයාසීලි ලියනගේ) 

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමද‌ාස මහතාගේ අවසන් රැළිය කොළඹ මරද‌ාන ටවර්හෝල් රඟහල අසල දී 13 වැනිද‌ා පැවැත් වේ. 

සජිත් ප්‍රේමද‌ාස මහතා එදින මොරගල, හම්බන්තොට, ගාල්ල ප්‍රදේශවල ජනරැලි ඇමැතීමට නියමිතව ඇත. 

 

 

 

 

 

 


 

ගෝඨාභයගේ  හෝමාගමදී 

 

(දයාසීලි ලියනගේ) 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය හෝමාගම නව බස් නැවතුම්පොළ අසල දී මේ මස 13 වැනිද‌ා පැවැත්වීමට නියමිතව ඇත. 

 දකුණේ රැස්වීම් ගණනාවකට සහභාගි වන ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම අවසන් රැලියට සහභාගි වේ. 

 

 

 

 


 

අනුර කුමාරගේ මහරගමදී 

 

(පද්මිණී මාතරගේ) 

ජාතික ජන බලවේගයේ අවසන් මහ රැලිය බද‌ාද‌ා (13) මහරගම නගරයේ දී පස්වරු 3.30 ට එම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 

 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව, කලාකරුවන්, වෘත්තීය සමිති, කාන්තා, ශිෂ්‍ය, තරුණ, කම්කරු බලවේග ඇතුළු විශාල පිරිසක් මෙයට එක්වෙති.