අලුත් ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත මාස හයකින්


(දයාසීලි ලියනගේ)  

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික කෙටුම්පත් වාර්තාව මාස 6 ක කාලයක් තුළ නිකුත් වීමට නියමිතය.  

මෙම කෙටුම්පත් වාර්තාව සකස් කිරීම සඳහා නීතිඥවරු හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.  


ස්ථීර ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය යෝජනා සකස්කිරීම මෙම කමිටුව මගින් සිදුකරනු ලබන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඒ අනුව ලබන වසර අවසාන වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.