අලුත් ව්‍යවස්ථාව හැදූ කමිටුවේ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට


 

(අජන්ත කුමාර අගලකඩ)  
යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ වාර්තාව ලබන මස මුලදී පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක් එක් කමිටු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇතුළත් කරමින් සකස් කළ කෙටුම්පතට දේශපාලන පක්ෂවල අදහස් ලබාදීමට මේ මස 31 වැනිදා වනතෙක් කල්දී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිය යෝජනා මේ සතියේ ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවේ. දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ වාර්තාව ලබන මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි.