අලුත් ගල් අඟුරු බලාගාරයෙන් නොරොච්චෝල අක්‍රිය වේද?


විදුලිය ඉංජිනේරු සංගමයට සැක  

 

(දයාසීලි ලියනගේ)  

චීන රජයේ ආධාර මත පෞද්ගලික බලාගාරයක් ලෙසට ඉදිකිරීමට තීරණය කර ඇති ගල්අඟුරු බලාගාරය ඉදිකළහොත් දැනට ක්‍රියාත්මක වෙන ලක්විජය බලාගාරය ආකාර්යක්ෂම වීමේ බරපතල තර්ජනයකට ලක්වන බැවින් ඒ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නොරොච්චෝල විදුලිය ඉංජිනේරු සංගමය, ලංකා විදුලිය බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.  

මෙගා වොට් 300 ක විදුලිය නිෂ්පාදනය කරන තවත් ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමට චීනයට අනුමැතිය ලබාදීමට ගිය මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.  


විදුලිය බලමණ්ඩලය මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර, එහිදී දැනට පවතින ගල් අඟුරු බලාගාරය අඩපණවීමට මං සැලසෙනු ඇතැයිද ඔවුහු පෙන්වා දී ඇත.  


නව බලාගාරය පිහිටුවීම සුදුසු නොවන බවද මෙම ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.