අලුත් දේශපාලන පක්ෂ 150 ක අයැදුම්පත් ප්‍රතික්ෂේපයි


(දයාසීලි ලියනගේ)   

අනුමැතිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද දේශපාලන පක්ෂ 156 න් 150 ක්ම මැතිවරණ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.   

පසුගිය වසරේදී (2020) මෙම අයදුම්පත් කැඳවීම සිදුකළ අතර මුල් වටයේදීම අයදුම්පත් 42 ක් ප්‍රතික්ෂේප වී තිබූ බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.   


මේ වසර සඳහා ද මේ වෙන විට අයදුම්පත් කැඳවා තිබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.