අලුගෝසුවන් දෙදෙනා නිකරුණේ කල් මරනවා


(ජයන්ත සමරකෝන්)  

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා ළහි ළහියේ බඳවා ගනු ලැබූ අළුගෝසුවන් දෙදෙනාට මේ දක්වාම නියමිත රාජකාරියක් නොමැතිකමින් ඔවුන් නිකරුණේ කාලය ගතකරන බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි මරණ දඬුවම නියමවූ මත්කුඩු ජාවාරමුන් මුලින්ම එල්ලා මරා දැමීම සඳහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන බවට මීට මාස ගණනාවකට පෙර ගෙනා නියෝගයක් මත මෙම අළුගෝසුවන් දෙදෙනාද බඳවා ගනු ලැබූහ.  


ඉතා කෙටි කාලයක් තුළ පරිවාස කාලයකට යටත්ව බඳවා ගනු ලැබූ මෙම දෙදෙනා වැටුප් ලබමින් මේ දක්වාම පැමිණීම අත්සන් කර තනිකඩ භට නිවාසයට වී දවස ගත කරන බවද පැවැසේ.