අල්ලන ආයුධ පෙන්වන්න එපා: ඉහළින් ආ නියෝගයට ජනමාධ්‍ය විරෝධය


(දයාසීලි ලියනගේ)  

ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කඩු, කිණිසි, ගිනි අවි, ආයුධ ආදිය විද්්‍යුත් මාධ්‍යයෙන් පෙන්වීමෙන් වළකින ලෙසට ජනාධිපති අතිරේක ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමට පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය නියෝජිතයන් ගණනාවක් දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.  

මේවා දැකීමෙන් ජනතාව තුළ සංහිඳියාව විනාශවීමටත්, අනවශ්‍ය බියක් ඇතිවීමටත් ඉඩ තිබෙන බැවින් එවැනි සිද්ධින් විකාශය කිරීමෙන් වළකින ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කරන බව මෙම ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.  


ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ අවස්ථාවේ ඇතැම් පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය නියෝජිතයන් එම ඉල්ලීමට දැඩි විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.  


ජනතාවට හානි කරන තුරු බලා නොසිට, අනතුරක් ඇති බවට ජනතාව දැනුවත් කිරීම සුදුසු බව මෙහිදී ද විද්්‍යුත් මාධ්‍ය නියෝජිතයන් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.