අර්ථ සාධක අරමුදලේ නිලධාරීන්ට කෝටි ගණනක පගාව දීලා


හැළිය උණු වෙන තෙක් දිය කෙළියේ යෙදුණු කකුළුවා විලසින් කෝටි ගණන් පගා ගහපු අයගේත් බොක්ක රත් වෙන්න ගත්තේ තමුන්ගේ හොරකම්, ගහපු පගා එකින් එක බැඳුම්කර කොමිසමේදී හෙළි වෙද්දීය. 

 

 

පසුගිය සතියේ බැඳුම්කර කොමිසමේදී හෙළි වුණේ ‘ලිට්ල් ජෝන්’ලා, ‘චාලි’ලා ගැනය. නමුත් එක්වරම ‘වුල්වරන්’ලා ගැන මෙන්ම ‘ටැංගා’ සහ ‘කා’ වශයෙන් නම් යොදා තිබූ බෙහෝ දෙනා පිළිබඳ තොරතුරුද කොමිසම හමුවේ හෙළිදරව් වූයේ සියලු දෙනාගේ ඇස් උඩ යවමිනි. 


බැඳුම්කර කොමිසම හමුවේ පසුගිය දිනවල සාක්කි දුන් පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු නමැත්තා හෙළි කළේ කාගේත් ඇස් උඩ යවන තොරතුරකි. ‘භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පිළිබඳ රහස් වෙන්දේසියට පෙර ලබා ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවන්ට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් පර්පචුවල් සමාගම විසින් ගෙවා ඇති බව ඔහු හෙළි කළේය. ඒ 2014 සම්පූර්ණ වසර සඳහාත් 2015 වසරේ මාර්තු මස 15 වැනිදාත් වූ කාලයේදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවල තොරතුරු කලින් ලබා ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ ‘චාලි’ලා දෙන්නාට එසේ කෝටි ගණනින් පගා දුන් බව ඔහු හෙළි කළේ එය සාමාන්‍ය දෙයක් ලෙස සිතාගෙන වුවත් අපට නම් හිතුණේ කජු ඇටද? කොස් ඇටද? කියාය. 


‘මළ මිනිස්සු බොරු නොකියති’ වගේම ‘සෑම අපරාධයකම සාක්කියක් ඉතිරි වේ’ බැඳුම්කර කොමිසමේ විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීන් පිරිස මෙන්ම ඔවුන්ට උපදෙස් දෙමින් ඔවුන් මෙහෙයවන අතරම මේ පිළිබඳව කොමිසම හමුවේ හෙළි කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්වරු පිරිස ටයි කෝට් හැඳ කළු කණ්ණාඩි පැළඳ පැමිණෙන අපරාධකරුවන්ගේ ඇඳුම් එකින් එක පිළිවෙළට ගලවමින් ඔවුන් සියලු දෙනා හමුවේ නිරුවත් කරති. 


පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු නමැත්තාගේ පරිගණකය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී යම් යම් අයට මුදල් ගෙවීම් සඳහන් කළ ‘ලිපියක්’ සොයා ගත් බව දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා තමන් බාරයට ගත් එම ලිපිය කොමිසමට ඉදිරිපත් කළේය. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කාර නුවන් සල්ගාදු නමැත්තා මෙසේ කීවේය. 


“පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ උපදෙස්වලට අනුව යම් යම් අයට මුදල් ගෙවීම් සඳහන් කළ මෙම ‘ලිපිය’ මගේ පරිගණකයේ පවත්වා ගියා. මෙම ලිපියේ සාමාන්‍යයෙන් භාවිතා නොකරන ආකාරයේ ‘චාලි’, ‘ලිට්ල් ජෝන්’, ‘වුල්වරන්’, ‘ටැංගා’ සහ ‘කා’ නම් යොදා තිබුණා. 


එහි ‘චාලි’ සේවක අර්ථ සාධක අරමුදල හා එහි ගැනුම්කරුවන් වූ උදයශීලන් සහ ඉන්දික සමන් කුමාර හැඳීන්වීම සඳහාත්, ‘ලිට්ල් ජෝන්’, ඩී.එෆ්.සී.සී. බැංකුවේ නවීන් කරුණාමුනි හැඳින්වීම සඳහාත්, ‘වුල්වරන්’, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නවීන් අනුරාධ හැඳින්වීම සඳහාත් පාවිච්චි කළා. පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමට තොරතුරු ලබා දෙන අය හැඳීන්වීම සඳහා මෙලෙස නම් යොදා තිබුණා. 


‘චාලි’ වශයෙන් හැඳින්වූ සේවක අර්ථ සාධක අරමුදල හා එහි ගැනුම්කරුවන් වූ උදයශීලන් සහ ඉන්දික සමන් කුමාරට 2014 වසර සඳහා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 97ක් ද 2015 මාර්තු 15 වැනිදා දක්වා රුපියල් මිලියන 300ක් ද ගෙවා තියෙනවා. උදයශීලන්ට 2014 වසර වෙනුවෙන් රුපියල් මිලියන 97ක අල්ලසක්ද 2015 මාර්තු 15 වැනිදා දක්වා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරු ලෙස කටුයතු කළ ඉන්දික සමන් කුමාරට රුපියල් මිලියන 300ක අල්ලසක්ද ගෙවා තියෙනවා. 


පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම 2014 සැප්තැම්බර් 17 වැනිදා පටන් ගත් බවත් ඒ කාලයේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ බවත් සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධාන ගැනුම්කරු ලෙස උදයශීලන් කටයුතු කළ බවත් විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූ නුවන් සල්ගාදු නමැත්තා පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම සිය ව්‍යාපාර කටයුතු පටන් අරගෙන තියෙන්නෙම අල්ලස් දී තොරතුරු ලබාගෙන බව පිළිගත්තේය. 


මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමට නියම කළේය. 


රවී කරුණානායක මහතා සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගිය බව කියන (RK සහ AM) ලිපි ගොනු දෙක සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු හෙයින් වහාම එම ගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වන ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන්ට කොමිසම නොතීසි පවා නිකුත් කළේය. 


හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම RK සහ AM ලිපි ගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇති බව පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාගේ එස්.එම්.එස්. පණිවුඩ පරීක්‍ෂා කිරීමේදී අනාවරණය කරගැනීමට හැකි වූ බව මීට පෙර අවස්ථාවක බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවමින් එහි කටයුතුවලට සහය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය. 


‘ඔබ කළ යුතු කාර්යයන්’ (Things to do for you) යනුවෙන් සඳහන් කොට මෙම ගොනු දෙක පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගොස් ඇති බවත් පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ එම සමාගමේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාගේ එස්.එම්.එස්. පණිවුඩ පරීක්‍ෂා කිරීමේදී R.K සහ A.M යනුවෙන් සඳහන් පණිවිඩ ගණනාවක් තිබූ බවත් එහි R.K යන්නෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාත් A.M යන්නෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාත් අදහස් කොට ඇති බවත් වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඒ අවස්ථාවේදී වැඩිදුරටත් කොමිසමට දැනුම් දුන්නේය. 


ඒ අතරතුර පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම RK සහ AL යනුවෙන් ගොනු දෙකක් පවත්වාගෙ යෑම සම්බන්ධයෙන් දිව්රුම් ප‍්‍රකාශයක් මඟින් කරුණු දැනුම් දෙන ලෙස දැනුම් දුන් පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතා දරුණු හෘදයාබාධ තත්ත්වයක් මත පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන හෙයින් ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා එයට අදාළව සිදුවූ සිද්ධීන් හෙළි කරගැනීම සඳහා දිව්රුම් ප‍්‍රකාශයකට හෝ අත්සන් ලබාගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේය. 


ස්ටීව් සැමුවෙල් මහතා හමුවීමට ඉඩ දෙන්නේ ඔහුගේ ළඟම ඥතීන්ට වන හෙයින් ඔහුගෙන් දිව්රුම් ප‍්‍රකාශයකට හෝ අත්සන් ලබාගැනීමට හැකියාවක් නොමැති බව දැනුම් දුන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කෙසේ නමුත් පසු අවස්ථාවකදී හෝ මේ සම්බන්ධයෙන් දිව්රුම් ප‍්‍රකාශයක් ලබා දීමට තම සේවාදායකයා බලාපොරොත්තු වෙන බවද දැනුම් දුන්නේය. 


මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර දක්‍ෂයෙක් බවත් වරලත් මුල්‍ය විශ්ලේක්‍ෂකයෙක් වන ඔහු වැනි අය ඉන්නේ ටික දෙනෙකු බවත් වෘත්තීය සමිති කමිටු සාමාජිකයෙක් ලෙස ඔහු තමාට නිතර හමුවන බවත් පැවසීය. 


පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සමඟ හැර එහි කසුන් පළිසේන, නුවන් සල්ගාදු හැර එහි වෙනත් සේවකයින් සමඟ සමීප ඇසුරක් පවත්වන්නේ නැතැයි පැවසූ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා 
2015 පෙබරවාරරි 27 වැනිදා රුපියල් බිලියනයක ලංසු ඉදිරිපත් කරන ලෙස හෝ පිළිගන්න කියලා කිසිවෙකු නොපැවසූ බවත් සේවක අර්ථ සාධක අරමුදලේ නියෝජ්‍ය අධිපතිවරයාට රුපියල් බිලියන 20 දක්වා ද්වීතීයක වෙළෙඳ පොළේ ගනුදෙනු කිරීමට බලය ලබාදී ඇතත් සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාරට මේ කිසිදු බලයක් ලබා දී නැතැයිද අරමුදලේ ගනුදෙනු සිදු කරන්නේ ආයෝජන කමිටුවේ උපදෙස්වලට අනුව බවද පැවසීය. 


සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන කමිටුවේ සභාපති ධුරය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා උසුලන බවත් අරමුදල සිදුකළ ගනුදෙනු මුල්‍ය මණ්ඩලය අනුමත කළ බවත් එයට මුල්‍ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකු විරුද්ධත්වයක් දැක්වූයේ නැතැයිද පැවසූ මහේන්ද්‍රන් මහතා පසු අවස්ථාවකදී මුල්‍ය මණ්ඩල සාමාජික ක‍්‍රිෂාන්ත පෙරේරා මහතාට සේවක අර්ථ සාධක අරමුදලේ අක‍්‍රමිකතාවයන් ගැන සඳහන් කරලා කැලෑ පත්තරයක් ලැබූ බවත් සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධානි ජයලත් මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා තමාට දුන් වාර්තාව තමා ක‍්‍රිෂාන්ත පෙරේරා මහතාට දුන් බවත් පැවසීය. 


තමා මහ බැංකුවේ කටයුතු කළේ අධිපතිවාදී ආකාරයෙන් නොවන බවත් තමා සැමවිටකම සාකච්ඡා කර තීරණ ගත් බවත් ඒ ආකාරයෙන්ම කටයුතු කරමින් 2015 පෙබරවාරරි 27 වැනිදදා වෙන්දේසියේදී රුපියල් බිලියන 20ක ලංසු ගන්න කිව්වත් ගත්තේ රුපියල් බිලියන 10ක ලංසු පමණක් බවත් තමාගේ අදහස නොපිළිගැනීම සඳහා ඇති හොඳම උදාහරණය එය බවත් ද්විතීයක වෙළෙඳ පොළේ ගනුදෙනු පහසුවීම සඳහා පරිගණක පද්ධතියේ තොරතුරු ඉදිරිපත් කිරීමට යෝජනා කළත් මුදල් මණ්ඩල සාමාජික රාමනාදන් මහත්මිය මිල අධික බව පවසා ඇය එම යෝජනාව ප‍්‍රතිෙක්‍ෂප කළ බවත් පැවසීය. 


මෙම කොමිසම හමුවේ ඇමතිවරුන් වන මලික් සමරවික‍්‍රම සහ කබීර් හෂීම් සාක්කි දුන්නා. ඔවුන් පිළිගත්තා 2015 පෙබරවාරි 27 වැනිදා උදෑසන පැවැති රැස්වීමේදී රුපියල් බිලියන 15ක හදිසි මුදල් අවශ්‍යතාවක් ගැන. ඊට අමතරව 2015 පෙබරවාරි 30 වැනිදා රුපියල් බිලියන 13.5ක මුදල් රජයට සොයා දීමේ අවශ්‍යතාවක් තිබුණා. ඊටත් අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නොගෙවූ ණය රුපියල් ට්‍රිලියනයක් ගැන සඳහන් වුණා. මේ අනුව බලන විට එම වසරේ රජයේ මුල්‍ය අවශ්‍යතාව රුපියල් බිලියන 128ක් විතර වෙනවා. 


ඉන් අනතුරුව කොමිසමට කැඳවන ලද සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂිම් මහතා කොමිසමේ විනිසුරුවරුන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්හ. 


බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මලික් සමරවික‍්‍රම සහ කබීර් හෂිම් යන මහත්වරුන් මහින්ද රාජපක්‍ෂ රජය විසින් කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට 2015 පෙබරවාරි මාසය වෙන විට මුදල් ගෙවීමට අවශ්‍යවී තිබුණා. මෙම මුදල් නොගෙවීම නිසා මහා මාර්ග තැනීමේ කටයුතු නැවතිලා තිබුණා. ඒ අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විෂයට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා මෙම මුදල් සොයා ගන්නා ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශයේදී සාකච්ඡාවක් කළ බව පැවසූහ. 


මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ගෙවීමට රුපියල් බිලියන 15ක මුදල් සොයාගැනීමට තිබූ අවශ්‍යතාවය නිසා මෙම රැස්වීම පැවැත්වුවත් එම මුදල් සොයා ගන්නේ කෙසේද කියා එහිදී තීරණයක් ගත්තේ නැතැයි අමාත්‍යවරුන් කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසූහ. 


2015-2016 කාලයේදී පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම, අර්ජුන් ඇලෝසියස් හෝ ඔහුගේ ඥාතීන් එක්සත් ජාතික පක්‍ෂයට අනුග‍්‍රහය දැක්වූයේ නැතැයිද එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මලික් සමරවික‍්‍රම සහ එහි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහත්වරුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් පැවැසූහ. 


2015 පෙබරවාරි 26 වැනිදා උදෑසන, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැත්වූ රැස්වීමට තමන් සහභාගි වූ බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස තමන් එයට සහභාගි වූ බව මලික් සමරවික‍්‍රම මහතා පැවසීය. එම රැස්වීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, මහ බැංකුවේ සහ මහ භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූ බව පැවසූ ඇමැතිවරු දෙපළ පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය විසින් කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට මුදල් ගෙවීමට අවශ්‍යවී තිබුණා. මෙම මුදල් නොගෙවීම නිසා මහා මාර්ග තැනීමේ කටයුතු නැවතිලා තිබුණා. ඒ අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විෂයට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා මෙම මුදල් සොයා ගන්නා ආකාරය සොයා ගැනීම සඳහා සාකච්ඡාවක් කළ බව පැවසීය. 


ඒ සඳහා රුපියල් බිලියන 15ක මුදල් සොයාගැනීමට අවශ්‍යතාවක් තිබුණත් මෙම රැස්වීමේදී එම මුදල් සොයා ගන්නේ කොසේද කියා තීරණයක් ගත්තේ නැතැයිද මෙම කාලය තුළ පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගම, අර්ජුන් ඇලෝසියස් හෝ ඔහුගේ ඥතීන් එක්සත් ජාතික පක්‍ෂයට අනුග‍්‍රහය දැක්වූයේ නැතැයිද අමාත්‍යවරු දෙපළ පැවසූහ. 


මේ අතර කොමිසමේ කාල නිර්ණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා එයට අදාළව සිදුවූ සිද්ධීන් හෙළි කරගැනීම සඳහා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා සහ පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහත්වරුන්ගේ සාක්කි ලබාගැනීමෙන් අනතුරුව මෙම ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇති බව දැනුම් දුන්නේය. 


මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහත්වරුන් සාක්කි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇති බවද දැනුම් දුන්නේය. 


ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි ගැනීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකුගෙන් සමන්විත පුද්ගලයින් පිරිසකගේ නාම ලේඛණයක් නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට තිබූ බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා එම සාක්කිකරුවන් අතුරින් මේ වන විට ඉතිරිව ඇත්තේ මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා සහ පර්පචුවල් ෙට‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහත්වරුන් පමණකැයි දැනුම් දුන්නේය. 


එම ලැයිස්තුවේ සිටි සේවක අර්ථ සාධක අරමුදලේ හිටපු ප‍්‍රධාන ගැනුම්කාර සමන් කුමාරගෙන් මේ වන විට සාක්කි සටහන් කරගෙන ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා මලික් සමරවික‍්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් කොමිසමට කැඳවනු ලැබුවේ නීතිපතිවරයාගේ ලැයිස්තුවට පරිබාහිරව යැයිද පැවසීය. 


බැඳුම්කර කොමිසමේ සිදුවන්නේ කුමක්ද? ඊළඟ සතියේදීත් අපි ඔබට දැනුම් දෙන්නෙමු..................... 

 

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර