අර්තාපල් - බී ළුෑනු තොගමිල අඩු වූ වාසිය පාරිභෝගිකයන්ට තවමත් නෑ


පිටකොටුවේ තොග මිල අඩුවුණා   

 

 

(මහින්ද නිශ්ශංක)   

පිටකොටුව තොග වෙළෙඳ පොළේ අර්තාපල් හා බී ළුෑනු තොග මිල අඩුවී ඇති බැවින් එහි වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන පරිදි ඒවායේ සිල්ලර මිල ද වහා අඩුවිය යුතු බව තොග වෙළෙඳුන් පවසති.   

පසුගිය දිනවල රුපියල් 110ක් 120 වශයෙන් අලෙවි වූ බී ළුෑනු කිලෝවක තොග මිල ඉකුත් 1 වැනිදා වෙනවිට රුපියල් 50ත් 85 ත් දක්වාද අර්තාපල් කිලෝවක තොගමිල රුපියල් 65ත් 85ත් දක්වා ද පහළ බැස ඇත.   


ඒ අනුව තොගමිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබිය යුතු බවද ඔවුහු පවසති.   


බී ළුෑනු කිලෝවක් ශත 25 ක බදු යටතේද අර්තාපල් කිලෝවක් රුපියල් 15 ක බදු යටතේද ආනයනය කරනු ලබන අතර සිංහල අලුත් අවුරුදු සමය සඳහා අවශ්‍ය තරම් බී ළුෑනු හා අර්තාපල් පිටකොටුව තොග වෙළෙඳ පොළ සතුව පවතින බවද ඔවුන් පෙන්වා දෙති.   


මේ අතර රුපියල් 50.00ක් වශයෙන් පැවැති බී ළුණු ආනයන බද්ද ශත 25 දක්වාද රුපියල් 55.00 වශයෙන් පැවති අර්තාපල් බද්ද රුපියල් 15.00 දක්වාද අඩු කිරීම හේතු වෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි දේශීය අර්තාපල් හා බී ළුෑනු ගොවියෝ මැසිවිලි නගති.