අයවැයෙන් ජනපතිට බිලියන දහතුනයි අගමැතිට එක හමාරයි


(දයාසීලි ලියනගේ)  

මේ වසර සඳහා මුදල් වෙන් කිරීමේ දී ජනපතිවරයාට බිලියන 13 1/2 ක් හා අගමැතිවරයාට බිලියන එක හමාරක මුදලක් වෙන් කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් හා ක්‍රියාකාරින් තුළ දැඩි කතාබහක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.  

ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදලට අනුව අග්‍රාමාත්‍යවරයාට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතය වී ඇත.  දැනටමත් ජනාධිපතිවරයා යටතේ පවතින පරිසර හා මහවැලි අමාත්‍යාංශයටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් වෙන් වෙන්ව මුදල් වෙන්කර ඇත.  
ඉතා විශාල මුදලක් ඒ සඳහා වෙන්කර තිබියදී ජනාධිපති වැය ශීර්ෂයටත් මේ තරම් විශාල මුදලක් වැය කර ඇතැයි සඳහන් වේ.