අයවැය විසර්ජන පනත් කෙටුම්පත් දෙකක්


(අජන්ත කුමාර අගලකඩ)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.  
ඉන් එකක් ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත වන අතර අනෙක මේ වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත වේ.  

ලබන වසර සඳහා වන අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.  


මේ වසර සඳහා වන අයවැයක් පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ අතර කොවිඩ් අර්බුදය හේතුවෙන් එය මේ වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරිණි.  


ඒ වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන ව්‍යවස්ථාවේ (3) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් පවරන ලද බලය යටතේ මුදල් වෙන්කර අතුරු සම්මත ගිණුම් දෙකකින් මුදල් වැය කිරීමට අනුමැතිය ලබාගෙන තිබිණි.  


එම වියදම් ආවරණය කර ගැනීමට 2020 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එය මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.