අයවැය පෙබරවාරියේ


(අජන්ත කුමාර අගලකඩ)  

නව ආණ්ඩුවේ අයවැය ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   

මුදල් ඇමැතිවරයා විසින් පෙබරවාරි මාසයේදි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව විවාදය පවත්වා අප්‍රේල් මුලදී අයවැය සම්මත කර ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.  ලබන වසරේ අයවැය සම්මත කර ගන්නා තෙක් මුල් කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක්ද සම්මත කරගනු ලැබීය.