අමාත්‍යංශ 67ටම වෘත්තීය සමිති ලේකම්වරු


(අජන්ත කුමාර අගලකඩ)  

කැබිනට් අමාත්‍යාංශ 27කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කට වෘත්තීය සමිති කටයුතු සම්බන්ධීකරණය සඳහා සහකාර ලේකම්වරුන් පත්කිරීමට රජය තීරණය කර ඇත.  

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස මෙම සහකාර ලේකම් තනතුර ඇති කෙරෙන අතර අමාත්‍යංශ හා ඒ යටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු ඔවුනට පැවරේ.  
එසේ පත්කරනු ලබන සහකාර ලේකම්වරුන් 67 දෙනා සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ.