අමාත්‍ය මණ්ඩල කාර්යාලය ලොයිඩ් ගොඩනැගිල්ලට


(අජන්ත කුමාර අගලකඩ)   

කොළඹ කොටුවේ ජනරජ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලබන අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මාවතේ පිහිටි ලොයිඩ් ගොඩනැගිල්ලට රැගෙන යාමට රජය තීරණය කර ඇත.   

දැනට අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවත්වාගෙන යනු ලබන ජනරජ ගොඩනැගිල්ලෙ දෙවැනි මහලේ සිවිලිම අබලන් වීමත් බිම් මහල වැසි දිනවල ජලයෙන් යටවීමත් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   


ලොයිඩ් ගොඩනැගිල්ලේ දැනට පවත්වාගෙන යනු ලබන මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන යාමට ද රජය තීරණය කර ඇත.