අභියෝගවලට මුහුණ දෙන්න ආණ්ඩුව මෙහෙයුම් කමිටු තුනක් පත් කරයි


(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩුවට එරෙහිව එල්ල විය හැකි අභියෝගවලට මුහුණ දීම සඳහා මෙහෙයුම් කමිටු 5 ක් පත්කර ඇත.  

ආණ්ඩුව ස්ථාවර කිරීමේ කමිටුව, මාධ්‍ය කමිටුව, නීති කටයුතු පිළිබඳ කමිටුව, උද්ඝෝෂණ සංවිධානය කිරීමේ කමිටුව සහ සමාජ ජාල මෙහෙයුම් කමිටුව යන කමිටු පහ මෙසේ පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ආණ්ඩුව ස්ථාවර කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද මාධ්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාද නීති කමිටුවේ ප්‍රධානියා ලෙස ඇමැති උදය ගම්මන්පිල මහතාද උද්ඝෝෂණ කමිටුවේ ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද සමාජ ජාලා කමිටුවේ ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ද පත්කර ඇතැයි වාර්තා වේ.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කමිටු පහ පත්කර ඇති අතර එම කමිටු දැනටමත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.