අප්‍රේල් නිවාඩු සමයේ මැතිවරණ කටයුතු අසීරුවෙන්


(දයාසීලි ලියනගේ)  

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වෙන නිසා මැතිවරණ කොමිසම බරපතළ ලෙසින් කාලය පිළිබඳ අර්බුදයකට මුහුණපා සිටී.  

අප්‍රේල් මාසය තුළ රජයේ නිවාඩු දින ගණනාවක් යෙදී ඇති නිසා මේ තත්ත්වය උද්ගතවී ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳව කළ විමසීමකදී එම කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණ නීති හරියාකාරව ක්‍රියාත්මක කිරීමටත් නියමිත දිනට අද‌ාළ කටයුතු සිදුකිරීමටත් සියලු වැඩ කටයුතු සම්පාදනය කරනු ලබන බවය.  මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන නිලධාරීන් පුහුණු කිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, බෙද‌ා හැරීම, ඡන්ද ව්‍යවස්ථාව සැකසීම, ඡන්ද මධ්‍යස්ථානවලට නිලධාරීන් යෙදවීම ඇතුළු නීත්‍යනුකූල රාජකාරි ගණනාවක්ම පැවරී තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.  


ඒ සියලු ප්‍රශ්න හමුවේ නියමිත ආකාරයට මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ද පුංචිහේවා මහතා කීය.