අප්‍රේල් අරගලය සමරන්න ජවිපෙ උත්සව මාලාවක්



(පද්මිණි මාතරගේ)   

ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් අරගලයේදී දිවි පිදුවන් සමරමින් 50 වැනි අප්‍රේල් විරු සමරුව, දිස්ත්‍රික් හතරකදී සහ ආසන මට්ටමින් සමරු උත්සව ගණනාවක් උත්කර්ෂවත් අන්දමින් හෙට (5) පැවැත්වීමට එම පක්ෂය කටයුතු සූදානම් කර ඇත. 

ඒ අනුව ප්‍රධාන සමරු උත්සව හතරක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර එහිදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් වන විජිත හේරත් සහ ලාල් කාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේද සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද පැවැත් වෙනු ඇත.   


ඊට අමතරව දිස්ත්‍රික් ගණනාවක ආසන මට්ටමින් සමරු උත්සව සූදානම් කර ඇති අතර පක්ෂයේ ජාත්‍යන්තර විදේශ කමිටු නියෝජනය කරමින් මැදපෙරදිග ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක සමරු උත්සව සහ සමරු දේශන පැවැත්වීමට කටයුතු යොදා ඇත.   


එම පක්ෂයේ අප්‍රේල් අරගලයේ දී දිවි පිදූවන් සමරමින් ‘‘සදා සමරමු සොහොයුරෝ’’ මැයෙන් පැවැත්වෙන මෙම සමරු උත්සවයට පක්ෂයට සම්බන්ධ භික්ෂු, ශිෂ්‍ය, තරුණ, කාන්තා වෘත්තීය සමිති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පිරිස් සහභාගි වීමට නියමිතය.