අනවසර ඉන්දීය ධීවර දඩය මිලියන 150 දක්වා ඉහළට


 

(දයාසීලි ලියනගේ)   
මෙරට මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මසුන් ඇල්ලීමට පැමිණ අසුවුවහොත් අය කරනු ලබන දඩය රුපියල් මිලියනයේ සිට මිලියන 150 දක්වා වැඩි කිරීමට යයි.   

මේ සඳහා විදේශ ධීවර බෝට්ටු නියාමන රෙගුලාසි ඇතුළත් පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා කීය.   


මීට අමතරව අධිකරණ ක්‍රියාමාර්ගවලදී බෝට්ටු හිමියාම අධිකරණයට ඉදිරිපත් විය යුතු අතර එ​ෙස් නොවන්නේ නම් බෝට්ටුව රාජසන්තක කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඉන්දීය ධීවරයන් මෙරට වෙරළ තීරයේ අනවසරයෙන් මසුන් ඇල්ලීම අවම කිරීම සඳහා මෙම නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා කීය.