අධිවේගී මාර්ගවල බස් ධාවනයෙන් රජයට කෝටි ද‌ාහක අලාභයක්


(දයාසීලි ලියනගේ)  

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන බස්රථ සඳහා නීත්‍යානුකූල ක්‍රමයට බලපත්‍ර නිකුත් නොකිරීම නිසා රජයට කෝටි 1000 ක පමණ අලාභයක් විඳීමට සිදුවී ඇති බවට කෝප් කමිටුවට පැමිණිලි කර ඇත.  

 වසර 5ක පමණ කාලයක් තිස්සේ අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවලට නීත්‍යානුකූල බලපත්‍ර නොදීම නිසා මේ තත්ත්වය උද‌ා වී ඇති බවට කෝප් කමිටුවට පැමිණිලි කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.  


 දැනට අධිවේගී මාර්ගවල බස්රථ 300ක් පමණ ධාවනය වෙන අතර තවත් 600 ක් කාර්යාල සේවා සඳහා යොදවා තිබෙන බව ද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.  


 මේ අතර අධිවේගී මාර්ගයේ තාවකාලික ධාවන බලපත්‍රයක් රුපියල් කෝටි 4ක මුදලකට අලෙවි වෙන බව ද ඔහු කීය.