අධික වැස්සෙන් වසංගත රෝ බියක්


(අසුන්තා එදිරිසූරිය)  

පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙංගු, මී උණ හා පාචනය වැනි රෝග වසංගත තත්ත්වයක් පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.  

සෑම වසරකම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල දී ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබුණ ද මෙවර වර්ෂාවේ ඇති වී තිබෙන වෙනස්කම් සමඟ මී උණ හා පාචනය වැනි රෝග අධි වසංගත තත්ත්වයකින් පැතිර යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කීය.  


විශේෂයෙන් මැස්සන් බෝවීමේ තත්ත්වයන් පවතින නිසා පාචනය පැතිරී යාමට ඉඩ තිබෙන බව ඔහු සඳහන් කළේය.