අතීතයේ සිටම ලංකාව දෙමළ ජනයාගේ නිජබිම ලෙස හඳුන්වන්න සාක්ෂි තිබෙනවා


විග්නේෂ්වරන් යළිත් කියයි   

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

ලංකාව අතීතයේ සිටම දෙමළ ජනයාගේ නිජබිම ලෙස හැඳින්වීමට සාක්ෂි ඇතැයිද තමන් කිසි විටකත් ජාතිවාදය හෝ බෙදුම්වාදය ඇවිස්සීම සඳහා කටයුතු නොකරන බවද තමිල් මක්කල් කුට්ටනී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විග්නේෂ්වරන් මහතා පවසයි.   

පිළිබඳ එක් එක් අය විවිධ ප්‍රකාශ කළද මේ සඳහා තමන් සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.  මේ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් ඇතැයි විග්නේෂ්වරන් මහතා කීය.   


තමන් තවමත් සිටින්නේ උතුරු නැගෙනහිර පළාත්වලට මෙන්ම අනිකුත් පළාත්වලටත් ඔවුන්ගේ කටයුතු ඔවුන්ම සිදුකර ගැනීම සඳහා ස්වයං අයිතිය ලබාදිය යුතුය යන මතයේ බව හෙතෙම සඳහන් කරයි.   
ජනාධිපතිවරයා විසින් ‘එකම රටක් එකම නීතියක්’ යන ප්‍රකාශය නිසා ඉදිරියේදී එහි භයානක විපාක අත්විඳීමට සිදුවිය හැකි තත්ත්වයක් ඇතිවේ යැයි විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පැවැසීය.